![]() |
![]() |
![]() |
සබරගමුව පළාතේ රත්නපුර ද්‍රිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ ඇරැපොල ග්‍රාමයේ පිහිටා ඇති ශ්‍රී මහින්ද මහා විද්‍යාලය 1905 වර්ෂයේදී 'ස්වභාෂා පිරිමි පාඨශාලාව නමින් 70 ක පමණ සිසු පිරිසකගෙන් ආරම්භ වී ඇත. කිරිපොරුව වසමේ ගම්මුලාදෑනි තනනතූර දැරූ ඇම්. බී. නැදුරණ මහතා විසින් පාසලට ඇතුලත් කළයුතු ළමුන්ගේ නාම්ලේඛණය පිළියෙල කරන ලද ඩී. ටී. පුංචි මහත්මයා මහතා 1905 පෙබරවාරි මාසයේ මුල් ගුරු තනතුරට පත්විය. පාසලේ මුල්ම සිසුචා චන්නේ නැදුරණ විසු එච්. එම්. උක්කු බණ්ඩාර මහතාය. පාසලේ ප්‍රථම උපගුරු වූයේ 1920 දී පත්වූ ඩී. පෙරේරා මහතා ය.
1932 කනත්ත වත්ත නම් වූ අද පාසල පිහිටි මෙම ඉඩමේ ගුරු නිවාසයක් සහිත වර්ග අඩි 2400 ක් තරම් විශාල ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. ඉන්පසුඑම වර්ෂයේ ගැහැණු ළමුන්ද මෙම පාසලට ඇතුලත් කරගත් අතර ඒ ඇලිස් නෝනා නම් ප්‍රථම ගුරු මහත්මිය පැමිණ ඇත

